ඉන්දුනීසියාව iPhone 16 විකිණීම සහ භාවිතය තහනම් කරයි

මෑතක දී එළි දැක්වුණු iPhone 16 සහ Apple Watch 10 series උපාංග තම රටතුළ අලෙවි කිරීම සහ භාවිතා කිරීම තහනම් කිරීමට ඉන්දුනීසියානු රජය පියවර ගෙන තිබෙනවා .

Apple සමාගම පොරොන්දු වූ පරිදි සිය ආයෝජනයන් ඉන්දුනීසියාව තුළ සිදු නොකිරීම මීට හේතු වන්නට ඇති බවයි විචාරකයන් සඳහන් කරන්නේ .

ඉන්දුනීසියානු කර්මාන්ත අමාත්‍ය Agus Gumiwang Kartasasmita, ඉන්දුනීසියාවේ ක්‍රියා කළ හැකි iPhone 16 තිබේ නම්, එයින් අදහස් කරන්නේ එම උපාංගය නීති විරෝධී බවයි ලෙස සඳහන් කර තිබෙනවා .

රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වන Antara පැහැදිලි කළේ සංචාරකයින්ට සහ ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයින්ට ඉන්දුනීසියාවේ iPhone 16 ශ්‍රේණියේ උපාංග දෙකක් ගෙන ඒමට සහ භාවිතා කිරීමට අවසර ඇති නමුත් සීමාවන් උල්ලංඝනය වන බැවින් එම උපාංග දේශීයව විකිණීමට නොහැකි බවයි.