පාකිස්ථානය නිල වශයෙන් චීනයෙන් යුවාන් බිලියන 10ක (ආසන්න වශයෙන් USD බිලියන 1.4) අතිරේක ණයක් ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පාකිස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ඉකුත් සෙනසුරාදා රට අඛණ්ඩව මුහුණ දෙන මූල්‍ය පීඩනය අවධාරනය කරනු ලැබුවා.
ඒ අනුව චීනයේ මුදල් උප අමාත්‍ය ලියාඕ මින් සමඟ පැවති සාකච්ඡාවක දී පාකිස්ථානයේ මුදල් අමාත්‍ය මුහම්මද් අවුරංසෙබ් චීන පාර්ශවයෙන් ඉල්ලා සිටියේ මුදල් හුවමාරු ගිවිසුම යටතේ ණය සීමාවන් චීන යුවාන් බිලියන 40 දක්වා ඉහළ දමන ලෙසයි.
මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රකාශ කරන ලද පරිදි, පාකිස්ථානය දැනටමත් පවතින යෙන් බිලියන 30 (USD බිලියන 4.3) චීන වෙළඳ පහසුකම ණය ආපසු ගෙවීම සඳහා සම්පූර්ණයෙන්ම භාවිතා කර ඇති අතර දැන් මෙම සීමාව අතිරේක යෙන් බිලියන 10කින් ඉහළ නැංවීමට උත්සාහ කරනවා.
එය වත්මන් විනිමය අනුපාත මත පදනම්ව එම ණය මුදල අමෙරිකානු ඩොලර් බිලියන 1.4ක් පමණ වනවා .
මුදල් ඇමතිගේ ආයාචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහ ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීම්වලට සමගාමීව සිදුව ඇති අතර චීනය එය අනුමත කළහොත්, සම්පූර්ණ ණය පහසුකම දළ වශයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 5.7ක් බවට පත් වනවා.

