රුපියලේ සුළු ඉහළ යෑමක්

පසුගිය සතියට සමගාමීව අද (28) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය අද සටහන් වූයේ 289.06ක් ලෙසයි.

එමෙන්ම එහි විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 298.11ක් ලෙසයි.