E – 8 වීසා කාණ්ඩය යටතේ දකුණු කොරියාවේ කෙටි කාලීන රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කරන ජාවාරමක තොරතුරු අනාවරණය වී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
එහි අතිරේක සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනරත් යාපා මහතා පැවසුවේ දකුණු කොරියාවේ කෙටි කාලීන රැකියා ලබා ගැනීම සඳහා දකුණු කොරියාව හා ශ්‍රි ලංකාව ගිවිසුම්වලට එළැඹිය යුතු වුවත් මෙතෙක් එවැනි ගිවිසුමකට එළැඹී නොමැති බවයි.
එලෙස කෙටි කාලීන රැකියා සඳහා ශ්‍රමිකයින් යොමුකිරීමට අවශ්‍ය නම් දකුණු කොරියාවේ ප්‍රාන්ත සමග ශ්‍රී ලංකාවේ පළාත් සභා අදාළ ගිවිසුම්වලට එළැඹිය යුතු බව ද ඔහු සඳහන් කළේ ය.
එලෙස E -8 වීසා කාණ්ඩය යටතේ දකුණු කොරියාවේ රැකියා ලබා ගැනීම සඳහා කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට මුදල් ලබාදීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය රැකියා අපේක්ෂිතයින්ට දැනුම් දී තිබෙනවා.
එසේම මුදල් වංචාකරන පුද්ගලයින් පිළිබඳව තොරතුරු දන්නේ නම් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකයට දැනුම් දෙන ලෙසත් කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරනවා.

