ශිෂ්‍යත්වය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමේ තීන්දුව ලබන 30වනදා

පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් පිටවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට මානව හිමිකම් කොමිසම ලබන 30 වැනිදා රැස් වීමට නියමිතව තිබෙනවා.  

එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනයේ අවසන් වාර්තාව මේ වනවිට තම කොමිසමට භාරදී ඇති බවයි.