රුපියල් මිලියන 32,500ක බැඳුම්කර වෙන්දේසියක්

රුපියල් මිලියන 32,500ක භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් මේ මස 28 වැනිදා සිදු කිරීමට නියමිතව ඇති බව මහ බැංකුව පවසනවා.

එහිදී 2028 වසරේ කල් පිරෙන රුපියල් මිලියන 20,000ක බැදුම්කර නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.

තවත් රුපියල් මිලියන 12,500ක භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කෙරෙන්නේ 2033 වසරේ ජූනි මාසයේ කල් පිරෙන පරිදියි.