හොංකොන් හි සත්ත්වෝද්‍යානයක වඳුරන් 13ක් ජීවිතක්ෂයට

වඳ වී යාමේ දැඩි තර්ජනයට ලක්ව සිටින cotton-top tamarin වඳුරන් ද ඇතුළුව හොංකොං සත්වෝද්‍යානයක සිටි වඳුරන් 13 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා .

මෙම මරණ පසුගිය දින 10 තුල දී සිදු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ .

දූෂිත පස, වාතය හෝ ජලය සමඟ සම්බන්ධ වීමෙන් පැතිර යා හැකි බෝවන රෝගයක් වන melioidosis හේතුවෙන් ඔවුන් මිය ගිය බව බලධාරීහු සඳහන් කරනවා.

එය නිවර්තන සහ උපනිවර්තන කලාපවලට ආවේණික පසෙහි වාසය කරන බැක්ටීරියාවක් වන Burkholderia pseudomallei මගින් ඇතිවේ.

හොංකොං හි සංස්කෘතික, ක්‍රීඩා සහ සංචාරක ලේකම් සඳහන් කරන්නේ එම කූඩු අසල පස් හාරමින් සිටි කම්කරුවන්ගේ සපත්තු හරහා මෙම බැක්ටීරියාව සත්ත්වෝද්‍යානයට ඇතුළු වන්නට ඇති බවයි .

කෙසේවෙතත් සත්වෝද්‍යානයේ සිටින අනෙක් ක්ෂීරපායින් 78 දෙනාගේ සෞඛ්‍ය තත්ත්වය “සාමාන්‍ය” බවයි වාර්තා වෙන්නේ.