බිඳපු පොල් බෑය නරක් නොවී වැඩි කාලයක් තියා ගන්නේ මෙහෙමයි

මේ දවස්වල පොල් මිල අහස උසට ගිහින් තියෙන්නේ කියන එක අපි කවුරුත් දන්නවානේ…

ඉතින් එහෙම ගිනි ගණන් දීලා ගෙනෙන දේ පරිස්සම් කර ගන්න ගොඩක් දෙනෙක් මහන්සි වෙනවා…

ඉතින් මේ කියන්න යන්නෙත් ඔයා ගිනි ගණන් දීලා ගෙනෙන පොල් ගෙඩිය අරපිරිමැස්මෙන් වගේම , නරක් නොවී පරිස්සමෙන් පාවිච්චියට ගන්නේ කොහොමද කියන එක..

ශීතකරණය ක් නැතිව බිදපු පොල් ගෙඩියක් කල් තබා ගන්නා ක්‍රම 4ක් තියෙනවා.

ඔයාලා සමහර අය නම් දන්නවා ඇති. දන්නෙ නැති අයත් ඇතිනේ..

පොල් බෑයේ ගාලා , මොකකට හරි දාලා, හොඳට වහලා දවස් කිහිපයක් තියාගන්න පුළුවන්..

ඊට අමතරව මෙන්න මේ වගේ දේවල් අත්හදා බලන්නකෝ..

– ලුණූ කුඩු හෝ වතුර භාවිතය.
– දෙහි යුෂ තවරා.
– කහ ස්වල්පයක් තවරා, තියාගන්නත් පුළුවන්.
– වතුරේ ගිල්ලවා , නැවුම් ආකාරයෙන් තියා ගන්නත් පුළුවන්.

දැන් නම්, පොල් කල් තියා ගන්න ඔයා ශීතකරණයක් හොයන එකක් නෑ.

මුහුණුපොත ඇසුරෙන්..