ලංකාවේ මුදලින් ලක්ෂ 8ක් වටිනා රත්තරං මාස්ක් එක

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ඉන්දියාවේ ශංකර් නමැති පුද්ගලයෙක් , ඩොලර් 4,000 ක මුදලක් ගෙවා රත්‍රං මුව ආවරණයක් සකසාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා.

මෙම මුව ආවරණය ග්‍රෑම් 60ක බරින් යුක්ත වන අතර එය සෑදීමට දින අටක් ගත වූ බවයි ඔහු පවසා තිබුණේ.

” කුඩා සිදුරු ඇති නිසා මට හුස්ම ගැනීමට උපකාරවෙනවා, මාධ්‍ය වර්තාකරුවෙක් සිල්වර් ආලේපිත මුව ආවරණයක් පැළදගෙන හිටියා..එය දැක්කට පස්සේ මට හිතුනා රත්තරනින් මුව ආවරණයක් හදා ගන්න..මම කොහොමත් රත්තරන් වලට හරි කැමතියි..මම දන්නේ නැහැ කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වෙන්න මේ මුව ආවරණය හේතුවක් වෙයිද කියලා..කොහොම නමුත් මම එයට කැමතියි..”

යනුවෙන් ශංකර් පවසා තිබෙනවා.