කොරෝනා සුවය ලැබු සමස්තය 1955ක් දක්වා ඉහළට – 112ක් පමණයි ප්‍රතිකාර ලබන්නේ

කොරෝනා ආසාදිතයින් 36 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 1955ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙ වන විට මෙරට තුළ කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වු සංඛ්‍යාව 2078ක් බව සෞඛ්‍ය අංශ නිවේදනය කළේය.

මේ අතර වෛද්‍ය අධීක්ෂණය යටතේ ආසාදිතයින් 112 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටිති.