දිල්ලි නගරය හරහා ගලා බසින යමුනා නදිය සම්පූර්ණයෙන් සුදු පැහැති පෙණ තට්ටුවකින් වැසී ගොස් ඇති අයුරු ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
පරිසරවේදින් පවසන්නේ, මෙම විෂ පෙණ මතුවීමට හේතුව ඇමෝනියා සහ පොස්පේට් විශාල වශයෙන් යමුනා ගංගාවට එක්වීම බවයි.
එළැඹෙන නොවැම්බර් මස 5 වැනිදාට යෙදී ඇති ඡත් පූජාව හෙවත් සූර්ය වන්දනාව වෙනුවෙන් හින්දු බැතිමතුන් යමුනා නදියේ ස්නානය කරන අතර යමුනා නදිය අතිශයින් අපවිත්‍ර වීම හේතුවෙන් මෙවර එම උත්සවයට බාධා මතුවිය හැකි බව වාර්තා වනවා.
ඉන්දීය රජය විසින් යමුනා නදිය පිරිසිදු කිරීම සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කර තිබුණද එය නිසි පරිදි සිදු කර නොමැති වීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී ඇති බවයි එරට පුරවැසියන් චෝදනා කරන්නේ.

