බෝම්බ බියක් පිළිබඳ තොරතුරු නිසා පරීක්ෂාවට ලක් කළ ඉන්දීය ගුවන් යානයේ එවැනි තර්ජනයක් නොමැති බව කටුනායක ගුවන් තොටුපළ නිවේදනයක් මගින් තහවුරු කර තිබෙනවා.
බෝම්බ බියක් හේතුවෙන් ඉන්දියාවේ මුම්බායි සිට මෙරට බලා පැමිණි Vistara ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් කටුනායක ගුවන්තොටුපලේදී විශේෂ සෝදිසියකට ලක් වුණා.
එම යානය ගමන්කළ මගීන් ඉන් ඉවත් කර මෙම විශේෂ සෝදිසිය කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව සඳහන් කළේ.
අදාල යානයේ මගීන් 96 දෙනෙකු සහ කාර්යමණ්ඩලයේ නිලධාරීන් 08 දෙනෙකු සිට තිබෙනවා.
යානය ගොඩ බැසීමට විනාඩි 10කට පෙර නිර්නාමිකව බෝම්බ තර්ජනයක් ඇති බවට යානයේ පාලකයා වෙත යවන ලද පණිවිඩයකට පසුව මෙම සෝදිසි මෙහෙයුම දියත් කර ඇත්තේ.

