හදිසියේම අඳුරු වූ කියුබාව

කියුබාවේ Matanzas හි Antonio Guiteras ප්‍රධාන බලශක්ති බලාගාරයේ සිදුවූ දෝෂයක් හේතුවෙන් රටපුරා විදුලිය ඇනහිට තිබෙනවා.

විදුලිබල පද්ධතිය යළි යථා තත්ත්වයට පත්කිරීමට කොපමණ කාලයක් ගතවේදැයි නිශ්චිතවම ප්‍රකාශ කළ නොහැකි බවයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

ප්‍රාදේශීය විදුලි බලාගාර හරහා ලබාදෙන විදුලිය ද මේ වන විට ප්‍රමාණවත් නොවන හෙයින් අත්‍යවශ්‍ය සේවාවලට හැර අනෙක් සේවා සඳහා විදුලිය කපා හැරීමටයි එරට බලධාරීන් පියවරගෙන ඇත්තේ.

මේ හේතුවෙන් මිලියන 10ක පමණ ජනතාව මහත් අපහසුතාවයට පත්ව තිබෙනවා .

බලශක්ති අමාත්‍යාංශයේ විදුලි සැපයුම් ප්‍රධානී Lazara Guerra AFP ප්‍රවෘත්ති ඒජන්සියට අදහස් දක්වමින් කියා සිටියේ බලය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය තවමත් එහි මුල් අවධියේ පවතින බවයි.