අද සුපිරි සඳක්

වප් පුර පසළොස්වක පොහෝ දිනය යෙදෙන අද දිනයේ සුපිරි සඳක් එහෙමත් නැත්නම් supermoon එකක් දැක ගැනීමට හැකියාව ලැබෙනවා .

අනෙක් පොහෝ දිනවල දී සඳ දැකිය හැකි ප්‍රමාණයට වඩා විශාලව සහ වැඩි දීප්තියකින් යුතුව අද දිනයේ සඳ දැක ගත හැකි වනවා .

NASA සඳහන් කරන්නේ අද දිනයේ සඳහ 14%ක් වැඩි විශාලත්වයෙන් සහ 30%ක් වැඩි දීප්තියෙන් දැක ගත හැකි වන බවයි.

මෙය මේ වසරේ අවසාන supermoon එක බවයි සඳහන් වෙන්නේ.

ශ්‍රී ලංකා වේලාවෙන් සඳ පස්වරු 5.48 ට නගින අතර එය පසුදා 05.31 ට බැස යනු ලබනවා .