මැතිවරණ අනාවැකි කිව්වොත් වැඩ වරදී

ඉදිරි මැතිවරණයට අදාළව විවිධ අපේක්ෂකයන්ට වාසිදායක ලෙස ජෝතිෂ්‍ය අනාවැකි පළ කිරීමෙන් වළකින්නැයි සියලුම ජ්‍යෙතිර්වේදීන්ගෙන් මැතිවරණ කොමිසම ඉල්ලීමක් කර තිබෙනවා.

මැතිවරණ අනාවැකි පැවසීම මැතිවරණ නීතිය අනුව බරපතල වරදක් බවයි කොමිසම අවධාරණය කරන්නේ.

මැතිවරණ කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ, එසේ අනාවැකි ප්‍රසිද්ධ කරන අයට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමටද කටයුතු කරන බවයි.