ලෝක ප්‍රසිද්ධ One Direction සංගීත කණ්ඩායමේ හිටපු සාමාජිකයෙක් වන Liam Payne ජීවිතක්ෂයට පත්ව තිබෙනවා .
ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් හි හෝටලයක තුන්වන මහලෙන් වැටීම නිසා ඔහුගේ මරණය සිදු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ .
මිය යන විට ඔහුගේ වයස අවුරුදු 31ක් වනවා .
ප්‍රකාශයක් නිකුත් කරමින්, පොලිසිය පැවසුවේ, පලර්මෝ හි ප්‍රදේශවාසීන් විසින් ලබාදුන් හදිසි ඇමතුමකට ප්‍රතිචාර දැක්වීමෙන් පසුව ඔවුන් පේන්ගේ සිරුර සොයා ගත් බවයි.
හදිසි වෛද්‍ය සේවා අධ්යක්ෂ ඇල්බර්ටෝ ක්‍රෙසන්ටි මාධ්‍ය වෙත පවසා ඇත්තේ වැටීම නිසා ඔහුට බලපතල තුවාල සිදු වී ඇති බවයි.
“It’s a lovely day here in Argentina.” යනුවෙන් සඳහන් කරමින් ඔහු මිය යන්නට පැය කිහිපයකට පෙර Snapchat හි පළ කර තිබෙනවා.
Harry Styles, Louis Tomlinson, Niall Horan සහ Zayn Malik සමඟින් 2010 දී X Factor TV වැඩසටහනේ දී නිර්මාණය කරන ලද One Direction සංගීත කණ්ඩායම ලොව පුර බොහෝ ජනප්‍රිය එකක් වනවා .

