සෙක්ස් කරන්න ඇඳට ගියාම ඉතින් එක එක දේවල් හිතට එනවා නේ ….
සමහර වෙලාවට අපිට අපේ සමහර දේවල් ගැන ලැජ්ජාවක් ඇති වෙනවා . ගොඩක් වෙලාවට සෙක්ස් කරන මුල් දවස් වල, එහෙමත් නැත්නම් අලුත් partner කෙනෙක් එක්ක ඉස්සෙල්ලම කරනකොට වගේ මේ දේවල් වලින් එකක් හරි ඔයාට අනිවාර්යයෙන්ම හිතිලා ඇති .
එත් ඇත්තටම ඒ දේවල් ගැන ලැජ්ජා වෙන්න ඕනේ ද ? එන්න අපි බලමු
size එක
මේක දෙගොල්ලොන්ටම පොදු දෙයක් . පිරිමි අය වගේම ගැහැණු අයත් සෙක්ස් කරන්න ගියාම මේ size එක ගැන ගොඩක් හිතනවා, තමන්ගේ size එක ගැන සෑහීමකට පත් වෙන්නේ බොහොම අඩු පිරිසක් . ඒ වගේම ගොඩක් අයට බය හිතෙනවා ඒක දැක්කම අනික් කෙනා මොකක් කියයි ද කියලත්.
ඔයා මොන size එකට අයිති කෙනෙක් වුණත් ඒ දේට නම් ඔයා කවදාවත් සෙක්ස් වලින් උපරිම වින්දනයක් ලබා ගන්න වගේම අනෙක් කෙනාට උපරිම වින්දනයක් ලබා දෙන්නත් බාධාවක් වෙන්නේ නැහැ.
පිරිමි කෙනෙක් ශිෂ්ණයේ දිග පළල ගැන worry වෙනවා වගේම , කාන්තාවන් එයාලගේ පියයුරු සහ තට්ටම් ගැන worry වෙනවා. ගොඩක් අය internet එකේ තියෙන sizes එක්ක තමන්ගේ දේවල් compare කරනවා. තමන්ගේ ඒ වගේ නැහැ කියලා දුක් වෙනවා. මතක තියා ගන්න ඒ දේවල් එකක්වත් ඇත්ත දේවල්වත් , ස්වාභාවිකව කෙනෙක්ට පිහිටන දේවල්වත් නෙමෙයි.
ඒ නිසා කවදාවත් ඔයා ඔයාගේ ඒ දේවල් වල size එක ගැන හිතලා ලැජ්ජා වෙන්නවත් තමන්ව අවතක්සේරු කර ගන්නවත් යන්න එපා .
ඒ වගේම තමයි ඒ දේවල් ගැන කියලා ඔයාගේ partner ඔයාව අපහසුතාවයට පත් කරනවා නම් , එයා එක්ක තවදුරටත් ඒ ක්‍රියාවේ යෙදෙන එක තේරුමක් නැති දෙයක් විදිහටයි මම නම් දකින්නේ . මොකද සෙක්ස් කියන්නේ එකිනෙකාට ආදරය කරමින් කරන්න ඕනේ දෙයක් මිසක් , තවකෙනෙක්ගේ size එක බලන්න කරන්න ඕනේ දෙයක් නෙමෙයි .

එතන ගඳයි , එතන කළුයි
මේක නම් පිරිමි ළමයින්ට වඩා ගොඩක් ගැහැණු ළමයින්ට තියෙන ප්‍රශ්නයක් . අපි හැමෝගෙම ශරීරයේ අනෙක් ස්ථාන වලට වඩා ලිංගික අවයවය ආශ්‍රිතව අඳුරු පැහැ සමක් තමයි තියෙන්නේ. ඒ ප්‍රදේශ ආශ්‍රිතව තියෙන අධිර රුධිර සැපයුම නිසයි එහෙම වෙලා තියෙන්නේ .
එතන කලුයි කියලා එතනට වෙනම සුදු වෙන්න කියලා ක්‍රීම් ගාන්න ඕනේ , අරකයි මේකයි කියලා හිතන්න එපා . බය නැතුව තමන්ගේ partner ඉස්සරහ තමන්ගේ ලිංගික අවයවය confident විදිහට පෙන්නන්න . ආයේ එකේ හැඩය පාට ගැන ලැජ්ජා හිතන්න යන්න එපා .
ඒ වගේම එතන ගඳ ඇති, මගේ විතරයි ගඳ , කියලා හිතන්නත් එපා . ඒ දේවල් හරිම ස්වාභාවික දේවල් .
අවශ්‍ය වෙන්නේ ගැහැණු පිරිමි කොයි කවුරුත් පිරිසිදුව ඉන්න එක . ඒ ස්ථාන හොඳින් සෝදලා පිරිසිදුව තියා ගෙන නම් ඉන්නේ එකේ අනික් දේවල් ගැන පොඩ්ඩක්වත් ඔයා ලැජ්ජා හිතන්න එපා .

තමන්ගේ සෙක්ස් ෆැන්ටසි එක
එක එක අය මේ ලෝකේ ආස දේවල් වෙනස් . ඉතින් සෙක්ස් කරනකොට වුණත් එක එක අය බලාපොරොත්තු වෙන්නේ එක එක දේවල් .
ගොඩක් අයට මේ තමන්ගේ අවශ්‍යතාවය කියන එක ගැන ලැජ්ජාවක් ඇති වෙන්න පුළුවන්.
එයා මොනවා හිතයි ද , කොහොමද ඒ දේවල් ගැන ඔච්චර දන්නේ , ඊයා කියයි කියලා වගේ දහසකුත් දේවල් හිතට ඒ වෙලාවට එන්න පුළුවන් .
උදාහරණයක් විදිහට සමහර අය ආසයි පස්සට දාන්න . ඉතින් ඒක කරන්න නම් තමන් තමන්ගේ partner එක්ක තමන්ගේ ආසාව බෙදා ගන්න ඕනේ නේ . කාටවත් කාගේවත් හිත් කියවන්න බැරි නිසා ලැජ්ජාව පැත්තකින් තියලා ඒ දේ කිව්වොත් විතරයි ඒ ෆැන්ටසිය හැබෑවක් වෙන්නේ .
ඒ ෆැන්ටසි එකක්වත් හරි වැරදි කියලා කාටවත් වර්ග කරන්න බැහැ. ඒ නිසා ලැජ්ජ වෙන්නේ නැතුව අනිවාර්යයෙන් ඔයාගේ හිතේ තියෙන ආසාව කියලා ඒ දේ ඉෂ්ට කර ගන්න
ඔයාත් ඔයාගේ partner කියන එයාගේ ආසාවල් වලට හොඳින් ඇහුම්කන් දෙන්න . එයාව ලැජ්ජා කරන්න , බනින්න , හිනා වෙන්න නෙමෙයි ඒ දේවල් පොඩියට හරි කරන්න උත්සාහ කරන්න . එතකොට තමයි දෙන්නා අතර හොඳ සම්බන්ධයක් ඇති වෙන්නේ .
එත් එයාගේ ඒ ෆැන්ටසිය ඇතුලේ ඔයාට අපහසුතාවක් තියෙන මොනවා හරි තියෙනවා නම් ඒ දේවල් කියලා දෙන්නා එක්ක දෙන්නටම හරියන විදිහට කරලා බලන්න .

එක එක සද්ද
අපි සෙක්ස් කරනකොට අපේ තියෙන හැඟීම් එළියට දාන්න විවිධ ශබ්ද උපයෝගී කර ගන්නවා . බොහෝ විට කාන්තාවන් ලිංගිකව එක්වෙනකොට එයාගේ ඒ දැනෙන ආශ්වාදය එළියට දාන්නේ කෙඳිරි ගෑමක් තුළින්. පිරිමි අයත් යම් යම් ශබ්ද පිට කරනවා . ඔයා ඒ ආශ්වාදය ඇති වෙනකොට මොන වගේ ශබ්දයක් ද පිට කරන්නේ , එක කොහොමද කියන එක ගැන ඔයා ලැජ්ජා හිතන්න එපා.
ඒ වගේම තමයි සමහර වෙලාවට farting එකක් වෙන්නත් පුළුවන් . ඇත්තටම එක හරිම සාමාන්‍ය අපි හැමෝටම වෙන දෙයක් වුණත් මේ වෙලාවේ හරිම ලැජ්ජාවක් හිතට ඇති වෙන්න පුළුවන් . අනෙක් කෙනා තමන් ගැන මොනවා හිතයි ද කියන එක ගැන හිතලම සෙක්ස් කරන එකත් එතනින් ඉවර වෙන්න පුළුවන්.
ගැහැණු කෙනෙක් ගේ නම් චලන එක්ක යෝනි මාර්ගයෙන් පවා වාතය පිට වෙන්න පුළුවන් . ඒකත් හරිම සාමාන්‍ය දෙයක් .
අනෙකා පිට කරන ශබ්ද ගැන කියලා එයාට හිනා වෙන්න යන්නත් එපා . ඒවා හරිම සාමාන්‍ය දේවල් විදිහට සලකලා ඒ දේවල් ගැන නොසලකා හරිමින් ඔයා ඔයාගේ වැඩේ දිගටම කරන්න .

මේ දේවල් හරිම සරල, ඒ වුණත් අපි හරිම ලොකුවට හිතන දේවල් . ඒ දේවල් ලොකුවට ගන්න එකෙන් අපේ ඇතුලේ insecurities ඇති වෙන්න පුළුවන් . ඒවා ගැන හිතලා වැඩි වෙලා පස්සේ depression තත්ත්ව පවා ඇති වෙන්න පුළුවන් .
කරන්න ඕනේ ඒ දේවල් තේරුම් අර ගෙන ඒ දේවල් නිසා ලැජ්ජා වෙන එක නතර කර ගන්න එක. අපි කවුරුත් පරිපූර්ණ මිනිස්සු නෙමෙයි . තමන් තමන්ගේ ශරීරය accept කරන්න. තමන්ගේ partner ටත් ඒ දේ පුරුදු කරන්න.
කිසිම වෙලාවක කිසිම හේතුවක් නිසා අනෙක් කෙනාව අපහසුතාවයට පත් කරන්න යන්න එපා …


