වැඩිකළ පොහොර සහනාධාරය ලබා දීමේ කටයුතු අද (14) දිනයේ සිට සිදුකිරීමට කටයුතු කරන බව අමාත්‍ය විජිත හේරත් පවසනවා.
ඒ අනුව, එය පළමු අදියරේදී රුපියල් 15,000 ක මුදලක් සහ දෙවන අදියරේදී රුපියල් 10,000 ක මුදලක් වශයෙන් කොටස් දෙකකින් ලබාදීමට නියමිතයි.
අමාත්‍යවරයා පැවසුවේ පොහොර සහනාධාරය ලබා දීමේ කටයුතු අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කර පසුව පොළොන්නරුව, අනුරාධපුරය සහ මහවැලි කලාපය ඇතුළු ගොවි ජනතාවට ලබා දීමට කටයුතු කරන බවය.

