ප‍්‍රවීණ ළමා කතා ලේඛිකාවක් සහ චිත‍්‍ර ශිල්පිනියක් වූ සිබිල් වෙත්තසිංහ මහත්මියගේ අවසන් කටයුතු හෙට


අභාවප‍්‍රාප්ත ප‍්‍රවීණ ළමා කතා ලේඛිකාවක් සහ චිත‍්‍ර ශිල්පිනියක් වූ සිබිල් වෙත්තසිංහ මහත්මියගේ දේහය මේ වනවිට ඇගේ නිවසේ තැන්පත් කර තිබෙනවා.

පවුලේ ඥාතීන් පැවසුවේ අද (02) පෙරවරු 9.30 දක්වා නුගේගොඩ පැපිලියාන පාරේ, ඩයස්⁣ පෙදෙසේ පිහිටි නුගේගොඩ සුජාතා විද්‍යාලය අසල ඇගේ නිවසේ තැන්පත් කර තැබෙන බවයි.

පසුව ඇගේ දේහය පෞද්ගලික මල් ශාලාවක් වෙත රැගෙන එන අතර අවසන් කටයුතු හෙට (03) පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදු කෙරෙනවා.