2024 කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය එක්සත් ජනපද විද්‍යාඥයින් වන වික්ටර් ඇම්බ්‍රෝස් සහ ගැරී රුව්කුන් හට හිමි වී තිබෙනවා .
ඒ ඔවුන් විසින් microRNA සම්බන්ධයෙන් සිදු කරන ලද පර්යේෂණ නිසාවෙන් .
ඔවුන්ගේ සොයාගැනීම් පෘථිවියේ සංකීර්ණ ජීවය මතු වූ ආකාරය සහ මිනිස් සිරුර විවිධ පටක වලින් සෑදී ඇති ආකාරය පැහැදිලි කිරීමට උපකාරී වනු ලබනවා .
මෙවුන් දෙදෙනාට ස්වීඩන් ක්‍රෝනර් මිලියන 11ක් වටිනා මුදල් ත්‍යාගයක් ලැබී තිබෙනවා .
ඔවුන්ගේ පෙරළිකාර සොයාගැනීම මගින් මිනිසුන් ඇතුළු බහු සෛලීය ජීවීන් සඳහා අත්‍යවශ්‍ය වූ ජාන නියාමනය පිළිබඳ සම්පූර්ණයෙන්ම නව මූලධර්මයක් අනාවරණය වූ බවයි ස්වීඩනයේ කැරොලින්ස්කා ආයතනයේ නොබෙල් සභාව සඳහන් කර ඇත්තේ.

