15 වැනි ජන හා නිවාස සංගණනය හෙට සිට

15 වැනි ජන හා නිවාස සංගණනයේ පුද්ගල සහ නිවාස තොරතුරු රැස් කිරීම, හෙටින් (07) ආරම්භ වනවා.

ජනලේඛන හා  සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනෝජා සෙනවිරත්න මහත්මිය සඳහන් කළේ, ඒ සඳහා අදාළ සංගණන නිලධාරීන් ගෙයින් ගෙට පැමිණෙන බවයි.

පසුගිය කාලයේ කළ ලැයිස්තුගත කිරීම්වලදී 2012 සංගණනයට සාපේක්ෂව නිවාස ඒකකවල 24% ක වැඩිවීමක් පෙන්නුම් කරන බව ද, ඇය වැඩිදුරටත් සඳහන් කළා ය.