වෙළඳපොලේ බිත්තර මිල යලි ඉහල යමින් පවතිනවා.
මේ දින වල දිවයිනේ බොහෝ ප්රදේශ වල ලොකු බිත්තර සිල්ලර මිල රුපියල් 40 ඉක්මවා ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.
ඇතැම් ප්රදේශ වල එම අගය රුපියල් 45 දක්වා ඉහල ගොස් තිබෙනවා.
මීට දින දෙකකට පමන පෙර බිත්තර මිල පැවතියේ රුපියල් 30 ක ටත් අඩු මිලකටයි.
නිශ්පාදනය පහත වැටීම හමුවේ මෙලෙස බිත්තර මිල ඉහළ ගොස් ඇති බවයි සඳහන් වෙන්නේ.
එසේම පවතින තත්වය හමුවේ ඉදිරි දින කිහිපයේ දී බිත්තර මිල තවදුරටත් ඉහළ යා හැකි බවට වෙළඳපොල හිමියෝ සඳහන් කරනවා .

