X9.0 අගයක් සහිත ප්‍රභල සූර්ය ගිනි දැල්ලක් පෘථිවියට මුහුණලා ඇති සූර්යය කලාපය වන sunspot 3842 නම් කලාපයෙන් නිකුත් වී ඇති වී තිබෙනවා .
මෙය අති විශාල ගිනි දැල්ලක් වන අතර වත්මන් සූර්ය චක්‍රයේ ප්‍රබලම සූර්ය ගිනි දැල්ල මෙය වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එය ඊයේ යුරෝපා වේලාවෙන් 8:10 am (1210 GMT) ට පමණ උච්චතම අවස්ථාවට පත් වූ අතර, පුපුරා යාමේදී පෘථිවියේ ඒ වෙලාවේ හිරු එළිය ඇති අප්‍රිකාව සහ යුරෝපය පුරා කෙටි තරංග රේඩියෝ වලට බාධා එල්ල කර තිබෙනවා .
ඒ අනුව තව පැය 72ක් තුළ දී නැවතත් Red Aurora දැක ගත හැකිවනු ඇති බවද සඳහන්.
එමෙන්ම 2017 පසුව නිකුත් වූ විශාලතම සූර්ය ගිනිදැල්ල ද මෙය වන බවයි වාර්තා වන්නේ.
පසුගිය ඔක්තෝබර් 1 වෙනිදා, එම සූර්ය ලප කලාපයම බලගතු X7.1 සූර්ය දැල්ලක් මුදා හරිනු ලැබුවා.

