ගැස්ට්‍රයිටිස් වලින් ගැලවෙන්න මේ ආහාර වර්ග ආහාර වේලට එකතු කරගන්න!

ගැස්ට්‍රයිටිස් යනු බොහෝ දෙනෙකු පීඩා විදින ජීරණ පද්ධතියේ ඇතිවන තත්වයකි. ආමාශයේ ඇතිවන ගිනි අවුලුවන තත්ත්වයක් එහෙමත් නැත්නම් ආම්ලිකතාවයක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. කොහොම වුණත් නිසි ආහාර වේලක් පවත්වාගැනීමෙන් මෙම තත්ත්වය බොහෝ දුරට පාලනය කර ගැනීමේ හැකියාවක් තියෙනවා .

ගැස්ට්‍රයිටිස් වළක්වා ගැනීමට හොඳ ආහාර:

  • පලතුරු:
    • ඇපල්: පෙක්ටින් නම් ද්‍රව්‍යය අඩංගු වන අතර එය ආමාශයේ ආරක්ෂිත බාධකයක් ලෙස ක්‍රියා කරයි.
    • කෙසෙල්: පොටෑසියම් විශාල ප්‍රමාණයක් අඩංගු වන අතර ආමාශයේ අම්ලය සමතුලිත කිරීමට උපකාරී වේ.
    • පෙයාර්ස්: පෙක්ටින් විශාල ප්‍රමාණයක් අඩංගු වන අතර ආමාශයේ ආරක්ෂිත බාධකයක් ලෙස ක්‍රියා කරයි.
    • ගස්ලබු: ගැස්ට්‍රයිටිස් නිසා ආමාශයේ ඇති වන තුවාල ඉක්මනින් සුව කරයි.

  • එළවළු:
    • කොළ පැහැති එළවළු: කොළ පැහැති එළවළු වල විටමින් සහ ඛනිජ ලවණ විශාල ප්‍රමාණයක් අඩංගු වන අතර ආමාශයේ සුවතාවයට උපකාරී වේ.
    • බ්‍රොකොලි: ආහාර ජීරණය පහසු කරන එන්සයිම අඩංගු වේ.
    • කැරට්: බීටා-කැරොටින් විශාල ප්‍රමාණයක් අඩංගු වන අතර ආමාශයේ ආරක්ෂාවට උපකාරී වේ.
    • වට්ටක්කා, කැකිරි වැනි එළවලු
  • ධාන්‍ය වර්ග:
    • දුඹුරු සහල්: ආමාශයට සැහැල්ලු ආහාරයක් වන අතර ආමාශයේ ආතතිය අඩු කරයි.
    • ඕට්ස්: තන්තු විශාල ප්‍රමාණයක් අඩංගු වන අතර ආහාර ජීරණය පහසු කරයි.
  • ප්‍රෝටීන්:
    • කුකුළු මස්: පහසුවෙන් ජීර්ණය කළ හැකි ප්‍රෝටීන් ප්‍රභවයකි.
    • මාළු: ඔමේගා-3 මේද අම්ල විශාල ප්‍රමාණයක් අඩංගු වන අතර ආසාදන වලින් ආරක්ෂා වීමට උපකාරී වේ.
    • Tofu – වෙජිටෙර්යන් අය සඳහා හොද ප්‍රෝටීන් ප්‍රභවයක්
  • පැසවීමෙන් ලැබෙන ආහාර:
    • යෝගට්: ආමාශයේ හොඳ බැක්ටීරියා වර්ධනයට උපකාරී වේ.
    • කිරි: කැල්සියම් විශාල ප්‍රමාණයක් අඩංගු වන අතර ආමාශයේ ආරක්ෂාවට උපකාරී වේ.
  • තැඹිලි වතුර

ගැස්ට්‍රයිටිස් ඇතිවීමට හේතු වන ආහාර:

  • කුළුබඩු අධිකව යෙදු ආහාර
  • ඇඹුල් ආහාර
  • මත්පැන්
  • කෝපි
  • කාබනේට් බීම
  • චොකලට්
  • තක්කාලි
  • ළූණු
  • සුදුළූණු

මේ ආහාර වලින් හැකි තරම් ඈත් වෙලා ඉන්න ඕනි . ඒවා නිතරම සහ විශාල ප්‍රමාන වලින් ආහාරයට ගැනීම ගැස්ට්‍රටිස් තත්ත්වය වැඩි කරන්න හේතු වෙනවා .

ඒ වගේම මෙන්න මේ හොඳ පුරුදු ජීවිතයට එකතු කර ගැනීම හරහාත් ගැස්ට්‍රයිටිස් තත්ත්වය පාලනය කර ගැනීමේ හැකියාව තියෙනවා.

  • කුඩා කොටස් වශයෙන් බොහෝ විට ආහාර ගන්න.
  • ආහාර ගත් පසු වහාම නිදා නොගන්න.
  • ආතතිය අඩු කර ගන්න.
  • නිතිපතා ව්‍යායාම කරන්න.