අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.
එහිදී තවත් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මෝටර් රථයකින් අදාළ ව්‍යාපාරික ස්ථානයක් තුළට කඩා වැදුණු පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව සඳහන්.
වෙඩි තැබීමට හේතුව අනාවරණය වී නොමැති අතර පොලිසිය සිදුකළ වෙඩි ප්‍රහාරයකට ලක්වීමෙන් සැකකරු ද තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

