කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද සිට

ලංකාවේ විශාලතම පොත් ප්‍රදර්ශනය වන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද එනම් සැප්තැම්බර් 27 ආරම්භ වුණා.

එය ලබන ඔක්තෝබර් 6 දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත් වීමට නියමිතව තිබෙනවා.

එහි ආරම්භක දිනයේ ම විශාල පිරිසක් පැමිණ ඇති බවයි වාර්තා වෙන්නේ .

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන මෙය දිනපතා පෙරවරු 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ.

විවිධ තේමා යටතේ තිබෙන දේශීය හා ජාත්‍යන්තර පොත් රාශියක් වට්ටමක් සහිතව මෙම ප්‍රදර්ශනයේදී ඔබට මිලට ගත හැකියි.