කොළඹ කොටස් වෙළදපොළ මිල දර්ශකවල අදත් කැපී පෙනෙන ඉහළ යෑමක් දක්නට ලැබුණා.
ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 102.01 කින් ඉහළ ගොස් සටහන් වූයේ ඒකක 11,773.88 ක් ලෙසයි.
S and P 20 මිල දර්ශකය ඒකක 50.15 කින් ඉහළ ගොස් ඒකක 3,434.44 ක් ලෙස සටහන් වුණා.
ඒ අනුව සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.9 ක් ලෙසයි වාර්තා වන්නේ.

