දොළොස් හැවිරිදි නිවුන් සහෝදරියන් දෙදෙනාව දුෂණය කළ නරුමයා දැලේ

කුලී නිවෙස් හිමියාගෙන් අපයෝජනයට ලක් වූ බව කියන දොළොස් හැවිරිදි නිවුන් සහෝදරියන් දෙදෙනෙකු වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල්ගත කළ බව පානදුර පොලිසිය සඳහන් කළා.අතවරයට පත් දැරියන් දෙදෙනා මවුපියන් සමඟ එම නිවසේ මීට මාස එකහමාරකට පමණ ඉහතදී පදිංචිව සිටියදී මෙම අතවරය වූ බවට ලද පැමිණිල්ලේ සඳහන්.නිවසේ කාත් කවුරුත් නොමැති අවස්ථාවේදී අවස්ථා කිහිපයකදීම මෙම අතවරය වී ඇති බව එම දැරියන් දෙදනො දුන් ප්‍රකාශ-වලින් අනාවරණය වී තිබෙනවා.එම දැරියන් දෙදෙනාගේ මවුපියන් සමඟ නිවස් හිමි සැකකරු මීට දින කිහිපයකට පෙර ආරවුලක් ඇති වීමෙන් පසු ඔවුන් වෙනත් නිවෙසක පදිංචියට යාමෙන් පසු දැරියන් දෙදෙනා ඒ බව මවුපියන්ට පවසා ඇති බව පොලිසිය පවසනවා.මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව සඳහන්.

ලංකාදීප