ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පිහිටුවනු ලබන නව කැබිනට් මණ්ඩලය සැප්තැම්බර් 24 දිනයේ දී දිවුරුම් දීමට නියමිත බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසනවා.
ඒ අනුව, හරිනි අමරසූරිය මහත්මියගේ අග්රාමාත්යධූරය යටතේ විජිත හේරත් සහ ලක්ෂමන් නිපුණආරච්චි යන මහත්වරුන් ද කැබිනට් මණ්ඩලය පත් කරනු ඇත. මෙය ලංකා ඉතිහාසයේ පිහිටුවීමට යන කුඩාම කැබිනට් මණ්ඩලය ලෙස ද වාර්තා අතරට එක්වීමට නියමිත වේ.
ආරංචි මාර්ග අනුව, ජනාධිපතිවරයා විසින් ආරක්ෂක අමාත්‍යංශයට අමතරව මුදල්, ආයෝජන, කර්මාන්ත, සංචාරක හා අධිකරණ යන අමාත්‍යංශ තමන් යටතේ තබා ගැනීමට නියමිත බව ද වාර්තා වේ.
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් එම ධූරයට අමතරව, රාජ්‍ය පරිපාලන, විදේශ කටයුතු, අධ්‍යාපන, තරුණ හා ක්‍රීඩා, ජනමාධ්‍ය යන විෂයන්ට අදාළ ඇමතිවරයා ලෙස ද දිවුරුම් දීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වේ.
විජිත හේරත් මහතා කෘෂිකර්ම, ධීවර, වෙළඳ, වරයා, විදුලිබල හා බලශක්ති, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශවල දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ.
ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා සෞඛ්‍ය, නිවාස හා නාගරික සංවර්ධන, පරිසර, කම්කරු හා විදේශ රැකියා, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශවල දිවුරුම් දීමට නියමිත බව ද වාර්තා වේ.
ඉන්පසු එම අමාත්‍යංශ සඳහා නව ලේකම්වරුන් පත් කිරීමටත් පළමු කැබිනට් හමුව අද දිනය තුළම පැවැත්වීමටත් නියමිත අතර එහිදී මහාමැතිවරණය වෙනුවෙන් මුදල් වෙන් කිරීම සහ කැබිනට් අනුමැතියෙන් පත් කළ යුතු තනතුරු පත් කිරීම සඳහා අනුමැතිය ලබා ගැනීමටත්, කැබිනට් අනුමැතිය අවශ්‍ය අනෙකුත් කටයුතු සිදුකිරීමටත් අපේක්ෂිත බව වැඩිදුරටත් වාර්තා වේ.
එම සියලු කරුණුවලින් පසුව අද මධ්‍යම රාත්‍රියේ හෝ හෙට මධ්‍යම රාත්‍රියේ දී පාර්ලිමේන්තුව විසුරුවා හැර මීලඟ මහ මැතිවරණය පැවැත්වීමේ දිනය ප්‍රකාශයට පත් කරන ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිත බව ද වැඩිදුරටත් වාර්තා වේ.

