ශ්‍රී ලංකා රුපියලේ සුලු ඉහළ යෑමක්

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයෙන් පසු පළමු වැඩ කරන දිනයේදී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවලට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 299.94 සිට රු. 299.71ක් දක්වා පහළ ගොස් තිබෙනවා .

එසේම විකුණුම් මිල රු. 309.23 සිට රු. 309.08ක් දක්වා පහළ ගොස් තිබෙනවා.