මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ සිදුවූ බව කියන අක්රමිකතාව සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සැළසුම් අධ්යක්ෂවරයා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 57 හැවිරිදි කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වෙන්නේ.
මෙවර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ, ප්‍රශ්නවලට සමාන අනුමාන ප්‍රශ්න පත්‍රයක් අලව්ව ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයෙකු විභාගයට පෙර ප්‍රසිද්ධ කර තිබූ බවටයි චෝදනා එල්ල වුණේ.
මේ සම්බන්ධයෙන් ඇතිවූ මතභේදාත්මක තත්වයෙන් පසු ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න 3 ක් ඉවත් කර ලකුණු ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව පසුගිය 17 වනදා තීරණය කළා.
එමෙන්ම දෙමාපියන් පිරිසක් ද පසුගිය 18 වෙනිදා විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිටට පැමිණ විරෝධතාවයේ නිරතවූයේ ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වන ලෙස ඉල්ලමින්
මේ අතරතුරයි විධිමත් පරීක්ෂණයක් ඉල්ලා ශිෂ්‍යත්වය සඳහා පෙනීසිටි සිසුන්ගේ මව්පියන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේ.
ඒ අනුව සිදුකළ විමර්ශනවලට අනුවයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.

