ඊජිප්තුවෙන් වසර 3,200ක් පැරණි හමුදා බැරැක්කයක නෂ්ටාවශේෂ සොයාගෙන තිබෙනවා.
එහිදී ක්‍රිස්තු පූර්ව 1,279 සිට 1,213 දක්වා ඊජිප්තුව පාලනය කළ දෙවැනි රැම්සෙස් රජුගේ නම රූපාක්ෂරවලින් කොටා ඇති ලෝකඩ අසිපතක් සොයාගෙන ඇති බව සඳහන්.
එමෙන්ම තවත් ඉපැරණි අවි ආයුධවල නෂ්ටාවශේෂ සොයා ගැනීමට ද පුරාවිද්‍යාඥයන් සමත් වී තිබුණා.
ඇතැම් තැන්වල ධාන්‍ය රැස් කර ගැනීම සඳහා භාවිත කළ ගබඩා කාමර සහ කෑම පිසීමට භාවිත කළ උඳුන් ද සොයාගෙන ඇති බව සඳහන්.
මත්ස්‍යයන්ගේ සහ වෙනත් සතුන්ගේ අස්ථි කොටස් අඩංගුව තිබූ මැටි බඳුන්වල නෂ්ටාවශේෂ ද මෙහි දී පුරා විද්‍යාඥ කණ්ඩායමට හමුවී ඇති අතර, ඊජිප්තු වැසියන් ගවයින් දේවත්වයෙන් සළකන ලබන ගවයින්ගේ සුසාන කිහිපයක්ද එම ස්ථානයෙන් සොයා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.


