වැඩි ඡන්ද මිලියනයකින් අනුර ඉදිරියෙන්

දැනට ලැබී ඇති ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා වැඩි ඡන්ද මිලියනයක් ලබා ගනිමින් පෙරමුණේ පසුවනවා .

ඔහු ලබා ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව ඡන්ද 5,106,202ක් වන අතර ප්‍රතිශතයක් ලෙස එම සංඛ්‍යාව 41.47% වනවා .

දෙවන ස්ථානයේ පසුවන්නේ ඡන්ද 4,347,703ක් ලබා ගත සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වනවා .

ඔහු ලබා ගෙන ඇති ඡන්ද ප්‍රතිශතය 32.74% වනවා .

ස්වාධින අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 2,292,575ක් ලබා ගෙන ඇති අතර ප්‍රතිශතයක් ලෙස එය 17.26%ක් වනවා .

නාමල් රාජපක්ෂ මහතාට ලබා ගැනීමට හැකි වී ඇත්තේ ඡන්ද 341,986ක් පමණි .