ජනාධිපතිවරණය සඳහා සියලු කටයුතු මේ වනවිට සුදානම් බව දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරීන් සඳහන් කරනවා.
කොළඹ දිස්ත්‍රික්කය තුළ ඡන්ද මධ්‍යස්ථාන 1,204කදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය සියලු කටයුතු සුදානම් කර ඇති බව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ප්‍රසන්න ගිනිගේ මහතා පැවසීය.
සමස්ත ලංකා එක්සත් ග්‍රාම නිලධාරි සංගමයේ ප්‍රධාන ලේකම් ජගත් චන්ද්‍රලාල් මහතා පැවසුවේ සියලු ග්‍රාම නිලධාරින් ඒ සඳහා එක්වී ඇති බවය.
මූල්‍ය ප්‍රතිපාදන සම්බන්ධයෙන් ගැටලු පැවතියද සියලුම ඡන්ද මධ්‍යස්ථාන සුදුසු පරිදි සකස්කිරීමේ කටයුතු මේ වනවිට සිදුකරන බව ද ග්‍රාම නිලධාරි සංගම් පවසා තිබේ.

