ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ , හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (20) දින අලුයම 03.05 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් ගුවන් තොටුපොළෙන් ඩුබායි නුවර වෙත පිටත්ව ගොස් තිබෙනවා.
මෙම ගුවන් යානය වෙත පිවිසීම සදහා ඔහු ඇමෙරිකානු ඩොලර් 206 ක මුදලක් ගෙවා කටුනායක ගුවන් තොටුපොළ තුළ පිහිටි ” රන් මාවත ” ( Gold Route ) පර්යන්තයේ පහසුකම ද ලබා ගෙන තිබෙනවා.
බැසිල් රාජපක්ෂ ඩුබායි නුවර වෙත ගොස් එතැන් සිට ඇමෙරිකාව බලා පිටත්ව යෑම සිදු කරනු ඇති අතර ඔහු කවදත් ඇමෙරිකාව බලා පිටත්ව යාම සදහා මෙම ගුවන් ගමන් මාර්ගය යොදා ගන්නා බවත් කටුනායක ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සදහන් කරයි.
ජනාධිපතිවරණය පැවැත්වෙන කාලයේදී මෙලෙස බැසිල් රාජපක්ෂ විදේශ ගත වීම සම්බන්ධයෙන් හිරු නිව්ස් කල විමසීමකදී ඔහුගේ සමීපතයෙකු කියා සිටියේ සති තුනකට කාලයක් සඳහා පමණක් බැසිල් රාජපක්ෂ විදේශ ගතව ඇති බවය.
මෙම විදේශ සංචාරය ඔහුගේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා අරමුණ ඇතිව ගොස් තිබෙනවා.
එමෙන්ම දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත මහමැතිවරණයට සුදානම් වීමට අවශ්‍ය කටයුතු මෙරටට පැමිණි වහාම සුදානම් කරන බව ඔහුගේ සමීපතයා අප වෙත කියා සිටියා.
ඕනෑම මැතිවරණයකදී මැතිවරණ පැවැත්වෙන දිනයේදී විදේශ ගතවීම බැසිල් රාජපක්ෂගේ සාමාන්‍ය පුරුද්දක් බව බැසිල් රාජපක්ෂගේ සමීපතයා අප වෙත වැඩිදුරටත් කියා සිටියා.
(හිරු නිව්ස්)

