ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙනැවිත් රජයේ රෝහල්වලට බේදා හැරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ඇප මත මුදා හැරීමට මලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය නියෝග කර තිබෙනවා.
දැනට රක්ෂිත බන්ධනාගාරගත ව සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලට බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර කිරිමට නොහැකි නම් අධිකරණ නිරික්ෂනය යටතේ කොළඹ ජාතික රෝහලට හෝ මානසික රෝහල යවා ඔහුගේ රෝගී තත්ත්වයටන්ට අදාලව මානසික ප්‍රතිකාර සහ හෘද රෝගි ප්‍රතිකාර ලබා දිමට කටයුතු කර ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය මලිගාකන්ද අධිකරණයෙන් ඉල්ලා සිටි අතර එම ඉල්ලිම ප්‍රතික්ෂේප කරමින් හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලගේ රෝගී තත්ත්වය සැලසැලකිල්ලට ගෙන ඇප ලබා දෙන බවයි මහේස්ත්‍රාත් වරිය සඳහන් කළේ.
ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර එන්නත් ආනයනය කර රජයේ රෝහල්වලට බේදා හැරිම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවරා ඇති නඩුවේ දැනට රිමාන්ඩ් භාරයේ පසුවන පලමුවැනි සැකකරු වන බාල ඖෂධ සැපයු සමාගමේ හිමිකරු සුදත් ජානක ප්‍රනාන්දු නැමැත්තාට සහ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලට තවදුරටත් ඇප ලබා දීම සම්බන්ධයෙන් විරෝධතාව දක්වන බවත් 7 වන සහ 12වන සැකකරුවන් වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ රත්නකුමාර හේරත්ට සහ ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර යන අයට ඇප ලබා දීම සම්බන්ධයෙන් විරුද්ධ නොවන බවත් නීතිපතිවරයා මලිගාකන්ද අධිකරණයට දන්වා තිබෙනවා.
7වන සහ 12 වන සැකකරුවන් සම්බන්ධයෙන් වෛද්‍ය මණ්ඩල වාර්තා ඊයේ (10) අධිකරණයට ඉදිරිපත් කරමින් අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඒ බව දන්වා තිබෙනවා.
ඉහත සැකකරුවන් දෙදෙනා සිය දිවිනසා ගැනීමේ උග්‍ර තත්ත්වයකට හා දරුණු මානසික රෝගි තත්ත්වයකට මුහුණු දී ඇති අතර දැඩි හෘද රෝගි තත්ත්වයකට මුහුණ පා ඇති බව සඳහන් කරමින් වෛද්‍ය මණ්ඩලය විසින් අනුමත කළ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය නඩු විභායේදී අංගොඩ මානසික රෝග විද්‍යාතනය වෙත යවනු ලැබු සුදත් ජානක නැමැත්තා ඊයේ (10) නඩුව කැඳවු අවස්ථාවේදී අධිකරණයට ඉදිරිපත් නොකෙරුනු අතර සෙසු සැකකරුවන් තිදෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කළා.
එමෙන්ම හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නිතිඥ අනුජ ප්‍රේමරත්න සඳහන් කළේ සිය සේවාදායකයා සියදිවි නසා ගැනීමේ ප්රවනතාවයක් හා පසුකම්පන තත්ත්වයක් ඇති බවත් එවැනි සියදිවි නසා ගැනීමට තැත් කරන රෝගියෙකු බලා ගැනීමට බන්ධනාගාර රෝහලේ පහසුකම් නැති බවයි.
එමෙන්ම පුර්ණ අබාධිත තත්ත්වයට පත් විය හැකි බවත් එම තත්ත්වය රජයේ රෝහලක සුව කිරිමට නොහැකි බවත් එසේ පුර්ණ ආබාධිත තත්ත්වයට පත් වුවහොත් ඇප ලබා දුන්නත් වැඩක් නොවන බවද ජනාධිපති නිතිඥවරයා පෙන්වා දී තිබෙනවා.
එබැවින් සුදුසු ඕනැම කොන්දේසියක් මත ඇප ලබාදෙන ලෙසයි ඉල්ලා ඇත්තේ.
ඊට විරුද්ධත්වය පෑ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පෙන්වා දුන්නේ 2019 වසරේ දී ලබා ගත් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර ඇති බවත් එවා වසර පහක් පැරනි එවා බවත්ය.
එමෙන්ම 8වන සැකකරු එසේ ඉදිරිපත් කර ඇත්තේ ඉදිරි වසර දහයකදි ඇති විය හැකි රෝග වාර්තාවක් බවත් වර්තමාන තත්ත්වය තුලදි එම රෝග වලින් නොපෙලෙන බවයි.
තවද වර්තමාන රෝගි තත්ත්වය වෛද්‍ය මණ්ඩලය වෙත පෙන්වා දිමට සැකකරු අසමත් වී ඇති බවයි.
මේ තත්ත්වය මත අධිකරණයට ඇප ලබා දීමට බලයක් නැති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පෙන්වා දී තිබෙනවා.
බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර කිරිමට නොහැකි නම් අධිකරණ නිරික්ෂනය යටතේ කොළඹ ජාතික රෝහලට හෝ මානසික රෝහල යවා එම මානසික ප්‍රතිකාර සහ හෘද රෝගි ප්‍රතිකාර ලබා දිමට කටයුතු කර ලෙස ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලු මලිගාකන්ද මහේස්ත්‍රාත් වරිය නඩුවේ 7වන සැකකරු වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය අධ්යක්ෂ රත්නකුමාර හේරත් සහ 12 වන සැකකරු වන ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර යන අය රුපියල් ලක්ෂ එකක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ පනහක ශරිර ඇප මත මුදා හැරිමට නියෝග කර තිබෙනවා.
එමෙන්ම පලමුවැනි සැකකරු සම්බන්ධයෙන් දින 14 න් 14ට රෝග වාර්තා ඉදිරිපත් කරන ලෙස අංගොඩ මානසික රෝහලට නියෝග කළ අතර නඩු විභාගයට මුහුන දිම සඳහා සුදුසු තත්ත්වයට සුව වු පසු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.
අවුරුදු 71 ජ්‍යෙෂ්ඨ පුරවැසියකු වන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල සැලකිය යුතු රෝගවලින් පිඩා විදින බව අධිකරණයට නිරික්ෂනය වන බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් සඳහන් කළේ දැනට මාස 07කට අධික කාලයක් බන්ධනාගාර ගතව සිටිම බැහැර කළ නොහැකි බවයි.
එමෙන්ම අට වන සැකකරුගේ රෝගි තත්ත්වය ක්‍රමානුකූලව උත්සන්න වන බවද නිරික්ෂනය වන බව මහේස්ත්‍රාත් වරිය සඳහන් කළා.
එබැවින් දැඩි මානසික ආතතියකට ලක්ව ඇති බවත් දරුණු මානසික රෝගි තත්ත්වයකට මුහුන පා ඇති බැවින් එය සුවිශේෂී කරුණක් ලෙස පිලිගන්නා අතර ඔහු ඇප මත මුදා හැරිමටයි නියෝග කර ඇත්තේ.
ඒ අනුව රුපියල් ලක්ෂ එකක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50ක මුදල් ඇප මත මුදා හැර තිබෙනවා.
බාල ඖෂධ ගෙන්වූ බව කියන අයුසුලේට් බයොටෙක් ෆර්මා සමාගමේ හිමිකරු වන සුගත් ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්යක්ෂ ශාන්තිනී සොලමන්, ගණකාධිකාරී (සැපයුම්) නෙරාන් ධනංජය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන්, ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී විජිත් රණසිංහ ගුණසේකර යන සැකකරුවන් මෙම නඩුවේ සැකකරුවන් වනවා.
මෙහි සිව්වැනි සැකකාර හිරාන් ධනජංය, පස්වැනි සැකකාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොග පාලක සුජිත් කුමාර සහ වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන, ජානක චන්ද්‍රගුප්ත, සමන් රත්නායක, කපිල වික්‍රමනායක , දේවශාන්තිනි සොලමන්ස් යන හත් දෙනා පමණක් මේ වන විට ඇප මත සිටින අතර, වෛද්‍ය ජයනාත් බුත්පිටිය යන අය මෙම නඩුවේ 09 වැනි සැකකරු ලෙස නම් කර තිබෙනවා.
එම සැකකරු මේ වන විට විදෙස්ගත සිටින අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට ජාත්‍යන්තර පොලිසිය වෙත රතු නිවේදන යවා ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව සැකකරුවන් 12නා ගෙන් දස දෙනෙකු ඇපමත මුදා හැර තිබේ.
එක් සැකකරුවකු විදෙස්ගතව සිටින බැවින් තවමත් අත්අඩංගුවට ගෙන නොමැති අතර පලමුවන සැකකරු සුදත් ජානක ප්‍රනාන්දු නඩුව අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කිරිමේ නියෝගයට යටත්ව තවමත් බන්ධනාගාරගතව සිටිනවා.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමයක් යටතේ මෙරටට ගෙන්වු ඖෂධ නිසා ජිවිත අවදානම් තත්ත්වයට පත්වු කිරිම සහ රජය කෝටි ගණනක පාඩුවක් කිරිම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලා අල්ලස දුෂනය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර සහ සිවිල් සංවිධාන එකමුතුව කළ පැමිණිල්ලලකට අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනය කර මෙම නඩුව පවරනු ලැබුවා.

