ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (06) සිට ක්‍රියාත්මක වන පරිදි අභියාචනාධිකරණයට නව විනිසුරුවරුන් 04 දෙනෙකු පත් කර තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ, මහාධිකරණයේ හිටපු විනිසුරුවරුන් වන කේ. එම්. ජී. එච්. කුලතුංග,ඩී. තොටවත්ත සහ ආර්. ඒ. රණරාජා මෙලෙස ඒ සදහා පත් කර ඇති බවයි.
එමෙන්ම, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසටර් ජනරාල්වරයෙකු වන එම්. සී. එල්. බී. ගොපල්ලව ද අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කර තිබෙනවා.

