Hurun India Rich List විසින් නිකුත් කරන ලද හොඳම ස්වයං-සාදන ලද කාන්තා ලැයිස්තුව පසුගියදා ප්‍රසිද්ධියට පත් කෙරුණා.
ඒ අනුව, බොලිවුඩයේ ධනවත්ම නිළිය වන්නේ Juhi Chawla පත් වී තිබෙනවා .
ඇගේ ශුද්ධ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 4,600 ක් බවයි පැවසෙන්නේ.
Juhi Chawla 80 දශකයේත් 90 දශකයේත් ජනප්‍රිය බොලිවුඩ් නිළියක් වූ අතර, 1984 වසරේ ‘මිස් ඉන්දියා’ කිරුළ හිමිකර ගත්තා.
ඇය සිනමාවට පිවිසියේ 1986 වසරේ ‘සුල්තාන්’ චිත්‍රපටයෙන්.
Juhi Chawla විවාහ වී සිටින්නේ ජායි මෙත්තා නමැති ව්‍යාපාරිකයා සමඟයි.
ෂාරුක් ඛාන් සමඟ ‘කොල්කොටා නයිට් රයිඩර්ස්’ IPL ක්‍රිකට් කණ්ඩායමේ සම හිමිකරු වන්නේ ද ජූහී චවුලා වන අතර, බොලිවුඩයේ ධනවත්ම නළුවා ලෙස තව දුරටත් අංක එක ස්ථානයේ පසුවන්නේ ෂාරුක් ඛාන් වීමද විශේෂත්වයක්.

