අද රත්රන් මිල

අද (28) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල රුපියල් 758,148 ක් ලෙස සටහන් වී තිබෙනවා.

එය ඊයේ දිනයට සාපේක්ෂව රුපියල් 2,992ක වැඩිවීමක්.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 26,750ක් ලෙසයි සඳහන් වන්නේ.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 24,530ක් සහ රුපියල් 23,410 ක් ලෙස සටහන් වී තිබෙනවා.

එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 213,950 ක් ලෙසයි.

කැරට් 22 පවුමක් රුපියල් 196,200ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 187,250ක් ලෙසත් සඳහන්.