Nokia දුරකථන නිෂ්පාදනය කරන HMD Global ආයතනය විසින් Mattel සමඟ එකතු වී නව Barbie දුරකථනයක් නිපදවා කරනවා .
රෝස පැහැති, කුඩා ප්රමාණයේ, හුරුබුහුටි දුරකථනයක් වන මෙහි මිල $ 131.24ක් ලෙසයි සටහන් වෙන්නේ .
ඉදිරිපස කැමරාවක් නොමැති එහි එක් දුරකථන ක්රීඩාවක් සහ සීමිත අන්තර්ජාල ප්රවේශයක් ඇති බවයි නිෂ්පාදකයින් පවසන්නේ.
මෙම වසරේ Barbie බෝනික්කාගේ 65 වැනි උපන්දිනයට සමගාමීව මෙය වෙළඳපොළට නිකුත් කිරීමටයි ඔවුන් සැලසුම් කර ඇත්තේ .
මෙවන් හඳුන්වාදීමක මූලිකම අරමුණ, ‘තරුණයින්ට ඔවුන්ගේ ස්මාර්ට් ෆෝන්වලින් විවේකයක් ගැනීමට උපකාර කිරීම’ වන බවයි නිෂ්පාදකයන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

