ඩයනාට අධි චෝදනා

නීතිවිරෝධී ආකාරයෙන් ද්විත්ව පුරවැසිභාවය දැරීම ඇතුලු චෝදනා 3 ක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට කොළඹ මහාධිකරණය හමුවේ අද (270 අධි චෝදනා භාර දෙනු ලැබුවා.

අනතුරුව ඇය රුපියල් 25,000 ක මුදල් හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි විනිසුරු මංජුල තිලකරත්න නියෝග කළේ.

මෙම නඩුවේ පූර්ව නඩු විභාගය සම්මන්ත්‍රණය ඔක්තොම්බර් මස 4 වන දින ආරම්භ කිරීමටයි විනිසුරුවරයා නියෝග කරනු ලැබුවේ.