ලංකාවේ දෛනික මරණ 10න් 8කට හේතුව බෝ නොවන රෝග

දුම්වැටි සහ මද්‍යසාර භාවිතයෙන් දෛනිකව පුද්ගලයන් සියයක පමණ සංඛ්‍යාවක් මරණයට පත් වන බව වාර්තා වනවා.

මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයයි (ADIC) මේ බව අනාවරණ කරන්නේ.

මේ අතර ශ්‍රී ලංකාවේ දිනපතා සිදුවන මරණවලින් 10න් 8කට බෝ නොවන රෝග හේතුවී තිබෙන බවද සඳහන්.

එම රෝග ඇති වීමට බලපාන ප්‍රධාන හේතු 4න් 2ක්ම දුම්වැටි සහ මද්‍යසාර භාවිතය බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

මේ අතර දුම්වැටි සහ මද්‍යසාර භාවිතයට දිනකදී මෙරට පුද්ගලයින් රුපියල් කෝටි 121ක් පමණ වියදම් කරණ බව අනාවරණය වි තිබෙනවා.

එවන් පඩුබිමක 2022 වර්ෂයේ සුරාබදු ආදායම රුපියල් බිලියන 165ක් බව සඳහන්.

නමුත් මද්‍යසාර භාවිතය මත එකී වසරේ සෞඛ්‍ය සහ ආර්ථික වශයෙන් සිදුව තිබෙන පාඩුව රුපියල් බිලියන 237ක් බවයි සංඛ්‍යා ලේඛණ පෙන්වා දෙන්නේ.