ලෙබනනයේ සිට උතුරු ඊශ්‍රායලයට රොකට් ප්රහාරයන් 200 කට අධික සංඛ්‍යාවක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ, ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් හිස්බුල්ලා ජ්‍යෙෂ්ඨ නායක ෆුවාඩ් ෂුකර් ඝාතනයට පළිගැනීමක් ලෙසයි.
හිස්බුල්ලා ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාරයක් ලෙස ඊශ්‍රායලයද අඛණ්ඩව ලෙබනනයට ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි වාර්තා වෙන්නේ .
ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ලෙබනනයේ පුද්ගලයෙන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත් ව ඇති බව එරට සෞඛ්‍ය අංශ සඳහන් කර තිබෙනවා .
මේ අනුව ඉදිරි පැය 48 ක කාලය දක්වා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා.
කෙසේවෙතත් ඊශ්‍රායලය පවසන්නේ හිස්බුල්ලාගේ රොකට් හේතුවෙන් එරටට සිදු වී ඇති හානිය ඉතා සුළු වන බවයි .

