වෙන්දේසියකදී අඹ ගෙඩියක් රුපියල් ලක්ෂ 7කට අලෙවි වී තිබෙනවා.
යාපනය, වඩාමරච්චි නැගෙනහිර, නාගර්කෝවිල්, මුරුගන් කෝවිලේදී මෙම අඹ ගෙඩිය වෙන්දේසී වී තිබෙනවා.
අඹ ගෙඩිය මිලට ගෙන ඇත්තේ ප්රංශයේ සිට නිවාඩුවකට පැමිණ සිටි වඩමරච්චි ප්රදේශයේ පවුලක් විසින්.
උතුරේ හින්දු කෝවිල්වල මේ දිනවල පැවැත්වෙන මංගල්යයවලදී එක් දිනයක් අඹ දිනය ලෙස වෙන් කෙරෙනවා.
එදිනට අඹ යොදාගෙන දෙවියන් වෙනුවෙන් කෙරෙන පූජාව වසන්ත මණ්ඩා පූජාව ලෙස හදුන්වනු ලබනවා.
බැතිමතුන් විසින් එම දිනයේදී දෙවියන් වෙනුවෙන් විශාල අඹ තොගයක් පූජා කරනු ලබන අතර එක් අඹ ගෙඩියක් පමණක් දේව රූපයේ ගැට ගසා ප්රධාන පූජාව පවත්වනවා.
පූජාව අවසානයේදී එම අඹ ගෙඩිය වෙන්දේසියේ අලෙවි කරන අතර එය මිලට ගැනීමට බැතිමතුන් අතර පවතින්නේ විශාල තරගයක්.
වෙන්දේසියෙන් ලබා ගන්නා අඹ ගෙඩිය පාරිභෝජනයට නොගන්නා අතර එය ඉතා සුරක්ෂිතව සුදු රෙදි කඩක ඔතා නිවසේ ඉහළ ස්ථානයක එල්ලා තබනවා.
හින්දු බැතිමතුන් ඉන් අපේක්ෂා කරන්නේ නිවසට සෞභාගයය හා නිවසේ උදවියට නිදුක් නීරෝගී සුවයයි.

