චීනයේ චෙන්ග්ඩු හි රෝහලක 11 වන මහලේ සිට රූගත කරන ලද හිරු බැස යන වීඩියෝවක සූර්යයන් හත් දෙනෙක් සටහන් වී ඇතැයි වාර්තා වෙනවා .
මෙම වීඩියෝව සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ගේ අවධානයට ලක්ව ඇති අතර මේ පිළිබඳව විවිධ පුද්ගලයන් සිය මත X හරහා පළ කර තිබෙනවා .
ඇතැමුන් සඳහන් කරන්නේ මෙය සමාන්තර විශ්වයන් ඇති බවට සාක්ෂියක් වන බවයි .
කෙසේවෙතත් මෙලෙස සූර්යයන් හත් දෙනෙක් දර්ශනය වී ඇත්තේ එම රෝහලේ වීදුරු කවුළුව මගින් නිර්මාණය කරන ලද දෘශ්‍ය මායාවක ප්‍රතිඵලයක් ලෙස වනවා .
එම වීඩියෝවේ මෙම සූර්යයන් හත්දෙනා විවිධ දීප්තියෙන් යුතුව දර්ශනය වනවා .
අදාළ වීඩියෝව පහතින් ,

