හෙක්ට­යාරය­කට මෙට්‍රි­ක්ටොන් 12ක අස්වැන්නක් ලබා දෙන වී ප්‍රභේදයක්

අම්බ­ල­න්තොට වී පර්යේ­ෂ­ණා­ය­ත­නය හඳුන්වා දුන් (A T 378) නව වී ප්‍රභේ­දය හෙක්ට­යාරය­කට වී මෙට්‍රි­ක්ටොන් 12 – 14 අතර ඉහළ අස්වැ­න්නක් ලබා දෙන බව එම පර්යේ­ෂණ ආය­ත­නය පවසනවා.

එතරම් අස්වැන්නක් මෙරට වී ප්‍රභේ­ද­යක් ලබා­දුන් පළමු අවස්ථාව මෙයයි.

මෙම (A T 378) නව වී වර්ගය මඟින් අක්ක­ර­ය­කට බුසල් 180ක් සහ හෙක්ට­යාර් එක­කට වී බුසල් 450ක අස්වැ­න්නක් ලබා දෙන බවයි අම්බ­ල­න්තොට වී පර්යේ­ෂ­ණා­ය­ත­නය පෙන්වා දෙන්නේ.

මේ අතර මෙම වී ප්‍රභේ­දයේ ගොයම ගංව­තුර තත්ත්ව­ය­කට වුවද ඔරොත්තු දෙන බව තහ­වුරු කරගෙන තිබෙනවා.

මෙම වී ප්‍රභේ­දය වසර 13ක් තිස්සේ සිදු කරන ලද පර්යේ­ෂ­ණ­යක ප්‍රති­ඵ­ල­යක්.

මෙම වී බුස­ලක බර කිලෝ­ග්‍රෑම් 21ක් බව ද සඳහන්.

නව වී ප්‍රභේ­දය මෙවර යල කන්නයේ දී හම්බ­න්තොට, අනු­රා­ධ­පුර, පොලො­න්න­රුව, මාතර, ගාල්ල හා රත්න­පුර දිස්ත්‍රි­ක්ක­වල වගා කර තිබෙන අතර, එහිදී ඉහ­ළම අස්වැ­න්නක් ලැබුණු බවයි අම්බ­ල­න්තොට වී පර්යේ­ෂ­ණා­ය­ත­නය පවසන්නේ.