අවධානම් ඖෂධ 156ක් තහනම් කරයි

ඉන්දියාවේ භාවිත කරන ලද ඖෂධ 156ක් තහනම් කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා .

ඒ අනුව උණ ට, සෙම්ප්‍රතිශ්‍යාව ට සහ ප්‍රතිජීවක ලෙස භාවිත කරන ලද ඖෂධ වර්ග කිහිපයක් මෙන්ම multivitamin කිහිපයක් මෙලෙස තහනමට ලක්වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Ergotamine tartrate, Paracetamol, Prochlorperazine maleate යන ඖෂධ ද මෙම තහනම් කරන ලද ලයිස්තුවේ ඇතුලත් වනවා .

එම ඖෂධ භාවිත කිරීම තුළින් මිනිසාට අවධානමක් ඇති විය හැකි බවට හඳුනාගැනීමෙන් අනතුරුව ඒවා තහනම් කිරීමට පියවර ගෙන ඇත.

එම ඖෂධ වෙනුවට භාවිත කළ හැකි විකල්ප වඩාත් ආරක්‍ෂිත ඖෂධ ඇති බවත් සඳහන් ය. 

එරට ඖෂධ තාක්ෂණික උපදේශක මණ්ඩලයේ නිර්දේශ මත පදනම්ව, මධ්‍යම රජය විසින් අදාළ ඖෂධ නිෂ්පාදනය කිරීම, විකිණීම සහ බෙදාහැරීම මෙලෙස තහනම් කර ඇති බව වාර්තා වී ඇත.