ශාසනික වශයෙන් ඓතිහාසික සිදුවීම් ගණනාවක් සිදු වූ නිකිණි පුර පසලොස්වක පෝය දිනය අදට (19) යෙදී තිබෙනවා.
පෙර වස් මගහැරි භික්ෂූන් වහන්සේ පසුවස් එළඹීම මේ නිකිණි පොහෝ දිනයේ සිදු කරනු ලබනවා .
එසේම ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහා තෙරුන් වහන්සේ රහත් භාවය ලබා ගත්තේ අද වන වූ නිකිණි පොහෝ දිනයක වනවා .
අජාසත්ත රජතුමාගේ අනුග්‍රහය ඇතිව මහා කාශ්‍යප මහා රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ආනන්ද , අනුරුද්ධ , උපාලි ඇතුළු මහා රහතුන් වහන්සේලා පන්සියයකගේ ප්‍රධානත්වයෙන් පලවෙනි ධර්ම සංගායනාව සිදු වූයේ ද නිකිණි පොහෝ දිනයක වනවා .
එය රජගහ නුවරා වේහාර පර්වතයේ සප්තපර්නි නම් ගුහා ද්වාරයේ සිදු වී ඇති බවයි සඳහන් වෙන්නේ .
බුදුන්වහන්සේගේ ලලාට ධාතු තැන්පත් කරමින් සේරුවිල දා ගැබ තැනීම ආරම්භ කිරීම ද අද වන වූ නිකිණි පොහෝ දිනයක සිදු වී ඇති බවයි ලංකා ඉතිහාසය පවසන්නේ .
මේ අතර මහනුවර ඇසළ පෙරහරේ අවසන් රන්දෝළි පෙරහර අද රාත්‍රියේ වීථී සංචාරය කිරීමට නියමිතය.
ඔබ සැමට පින්බර නිකිණි පොහෝ දිනයක් වේවා !

