නිකිණි පුර පසලොස්වක පොහෝ දිනය අද

ශාසනික වශයෙන් ඓතිහාසික සිදුවීම් ගණනාවක් සිදු වූ නිකිණි පුර පසලොස්වක පෝය දිනය අදට (19) යෙදී තිබෙනවා.

පෙර වස් මගහැරි භික්ෂූන් වහන්සේ පසුවස් එළඹීම මේ නිකිණි පොහෝ දිනයේ සිදු කරනු ලබනවා .

එසේම ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහා තෙරුන් වහන්සේ රහත් භාවය ලබා ගත්තේ අද වන වූ නිකිණි පොහෝ දිනයක වනවා .

අජාසත්ත රජතුමාගේ අනුග්‍රහය ඇතිව මහා කාශ්‍යප මහා රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ආනන්ද , අනුරුද්ධ , උපාලි ඇතුළු මහා රහතුන් වහන්සේලා පන්සියයකගේ ප්‍රධානත්වයෙන් පලවෙනි ධර්ම සංගායනාව සිදු වූයේ ද නිකිණි පොහෝ දිනයක වනවා .

එය රජගහ නුවරා වේහාර පර්වතයේ සප්තපර්නි නම් ගුහා ද්වාරයේ සිදු වී ඇති බවයි සඳහන් වෙන්නේ .

බුදුන්වහන්සේගේ ලලාට ධාතු තැන්පත් කරමින් සේරුවිල දා ගැබ තැනීම ආරම්භ කිරීම ද අද වන වූ නිකිණි පොහෝ දිනයක සිදු වී ඇති බවයි ලංකා ඉතිහාසය පවසන්නේ .

මේ අතර මහනුවර ඇසළ පෙරහරේ අවසන් රන්දෝළි පෙරහර අද රාත්‍රියේ වීථී සංචාරය කිරීමට නියමිතය.

ඔබ සැමට පින්බර නිකිණි පොහෝ දිනයක් වේවා !