බ්‍රසීලයේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 40,000 ඉක්මවා ගොස් තිබේ. ගත වූ පැය 24 තුළ තවත් මරණ 1239 ක් සිදු වීමත් සමඟ එරට සමස්ත මරණ සංඛ්‍යාව 41,058 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.
ලොව කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් වැඩිම රටවල් අතර දෙවන ස්ථානයේ පසුවන බ්‍රසීලයේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට අට ලක්ෂ 5649 ක්.
සමස්ත ආසාදිතයින්ගෙන් තුන් ලක්ෂ 96,000 ක පමණ පිරිසක් පූර්ණ සුවය ලබා ඇති බව වාර්තා වෙයි.

